ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 34 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2ක් ලෙස සටහන් වූ බව ද වාර්තා වේ.
එමෙන්ම, මහල් පහකින් සමන්විත වූ රෝහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සුන්බුන් අතර සිර වී සිටි පුද්ගලයින් 60 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිකුරාදා අලුයම සිදුව ඇති මෙම භූ කම්පනය තත්පර 7ක පමණ කාලයක් දැනී ඇති බවත් ඒ හමුවේ පුද්ගලයින් සිය නිවාස වලින් ඉවත් වීමට කටයුතු කර ඇත. භූ කම්පනයෙන් දේපළ රැසකට හානි වී ඇති අතර එම දේපල අතරට රජයට අයත් ගොඩනැගිලි හා හෝටල් ද අයත් වේ.
ඉන්දුනීසියාවේ Majene හි පිහිටි නිවාස 300කට පමණ හානි වී ඇති බවත් පුද්ගලයින් 637 දෙනෙකු තුවාල ලබා 15,000ක් පමණ අවතැන්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ගේ මරණ වාර්තා වී ඇත. ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ විදුලිය බිඳ වැටීමත්, දුරකථන සංඥා ක්‍රියා විරහිත වීමත් හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට අපහසු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
