පිළියන්දල ප්‍රදේශයේ දී විනෝදය සඳහා වේගයෙන් යතුරු පැදි ධාවනය කරමින් සිටි කණ්ඩායමක තරුණයින් 12 දෙනෙකු ඊයේ (14) සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, මොවුන් අවුරුදු 18ත් 25ත් අතර වයස් සීමාවන්හි පසුවන තරුණයින් බවයි. මොවුන්ට එරෙහිව අද (15) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ දි නඩු පැවරීමට නියමිතයි.
මේ අතර, රිය අනතුරුවලින් ඊයේ (14) දිනයේ දී පමණක් මරණ 13ක් වාර්තා වී තිබෙනවා. එම මරණ අතරින් 7ක් ඊයේ (14) දිනයේ දී සිදු වූ රිය අනතුරුවලින් වන අතර අනෙක් හයදෙනා මීට පෙර සිදු වූ රිය අනතුරුවලින් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
