වෙබ් අඩවියක් ඔස්සේ ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගනිමින් ගණිකා ව්‍යාපාරයේ යෙදුනු කාන්තාවන් 235ක් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර අදාළ කාන්තාවන් අතරින් 20ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාවන් ගනුදෙනුකරුවන් කැඳවාගෙන යන ලැගුම්හල් 15ක් පිළිබඳව ද පොලිසිය මේ වනවිට තොරතුරු සොයාගෙන ඇති අතර එම ස්ථාන වැටලීමට ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ ගණිකාවන් හා සම්බන්ධතා පැවැත්වීමට පාසල් යන වයසේ පිරිමි ළමුන් ද සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී තිබෙන අතර දින කීපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේදී පාසල් යන පිරිමි දරුවකු මෙම වෙබ් අඩවිය හරහා ගණිකාවක් සමග සම්බන්ධ වී ඇති අතර මුදල් අපහසුතාවක් හේතුවෙන් දරුවා ගණිකාව මඟ හැර පළායන්නට උත්සාහ කිරීමේ දී ගොඩනැඟිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලැබූ සිද්ධියක් ද වාර්තා වේ.
තවද, මෙලෙස ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ගෙන් වැඩි දෙනකුට විවිධ සමාජ රෝග මෙන්ම කොරෝනා වෛරසය ද වැළඳී ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
