කොවිඩ් – 19 ආසාදනයෙන් ඇති වන මූලික රෝග ලක්ෂණවල වෙනසක් පෙන්නුම් කරනු ලබන බව ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදි අනාවරණය වී තිබෙනවා.
යුරෝපයේ පිහිටි රෝහල් 18ක ප්‍රතිකාර ගනු ලබන කොරෝනා ආසාදිතයින් 2500කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන මෙම අධ්‍යයනය සිදු කර තිබෙනවා.
මෙම පර්යේෂණයට අනුව මුලින් කොවිඩ් ආසාදනයේ දී පෙන්වූ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හා තද උණ යන රෝග ලක්ෂණවලට වඩා මේ වන විට දක්නට ලැබෙන ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ රස හා ගඳ, සුවඳ නොදැනීමයි.
එම පර්යේෂකයන්ට අනුව කොරෝනා වෛරසය ආසාදනය සුළු වශයෙන් ඇති අයටගන් 86%කට ම ආහාර පානවල රස හා ආහාර පාන හෝ යම් ද්‍රව්‍යයක ගඳ, සුවඳ නොදැනිම දක්නට ලැබෙන බව සඳහන්.
මීට අමතරව වැළඳෙන උණ තත්ත්වය අවම උණ තත්ත්වයක් වන අතර දින තුනක් හෝ හතරක් උණ පවතින බව පවසයි. මෙම උණ තත්ත්වය සමඟ සිහි මඳ ගතිය, ආහාර අරුචිය සහ ඇඟේ පතේ වේදනාව මෙන්ම ඇඟට කිසිදු ප්‍රාණවත් ගතියක් නොමැති වීමත් දක්නට ලැබෙන බව පර්යේෂකයන් සඳහන් කරයි.
රලෙසම දක්නට ලැබෙන අනෙක් රෝග ලක්ෂණ අතර මාංශපේශිවල සිදුවන වේදනාව, ශරීරයේ යම් තැනක ක්ෂණිකව ඇතිවන වේදනාව, දැවිල්ල හෝ ඉදිමුම මෙන්ම හන්දිපත් අමාරුව ද ඇතිවය හැකි ඇතර මානසික අව පිඩනය ද ඇති විය හැකි බව සඳහන් වේ.
අධ්‍යයනය තුළින් සොයා ගත් තවත් කරුණක් වන්නේ, පෙර පැවති රෝග ලක්ෂණයක් වන කැස්ස සමඟ පපුවේ හිරවීමක් හෝ පපුවේ තද බවක් පෙන්නුම් කරන බවයි. එලෙසම උගුරේ හිරවීම මෙන්ම ගිලීමේ අපහසුතා ද ඇති වන බව සඳහන්.
දිගින් දිගටම ඇති වන ගැස්ට්‍රයිටීස් තත්ත්වය මෙන්ම උදරයේ ඇති වන අපහසුව, බඩ පිපුම වැනි තත්ත්වයන් ද ආහාර අරුචිය සහ විජලනය තත්ත්වය ද මෙහි දී ඇති වන තවත් රෝග ලක්ෂණයන් ලෙස පර්යේෂකයින් සඳහන් කරයි.
මෙසේ රස හා ගඳ, සුවඳ නොදැනීමේ තත්ත්වයකින් පෙළෙන කොරෝනා ආසාදිතයින්ට එම තත්ත්වයෙන් මිදීම සඳහා මාස හයක පමණ කාලයක් ගත වන බව වෛද්‍ය පර්යේෂකයෝ පවසති. මෙවැනි නිව්මෝනියා රෝගය හෝ ස්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රසය හා ගඳ සුවඳ නොදැනීම පෙන්නුම් කරන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ දී ම රෝගය සුවපත් කර ගැනීමට හැකි බව මෙහිදී අනාවරණය වී තිබේ. සෙම්ප්‍රතිශ්‍යාව හා උණ රෝගය වැළඳුණු විට ද රස හා ගඳ සුවඳ නොදැනීමේ තත්ත්වයක් හට ගැනීම නිසා එවැනි තත්ත්වයක් පවතී නම් තමන්ට නිශ්චිතව ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසය බව වෛද්‍යවරයෙකු මාර්ගයෙන් තහවුරු කර ගැනීම වැදගත් බව පර්යේෂකයන් පවසයි.
