Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ සිදු කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට

ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශව වලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කළා.

ඊට අමතරව, මෙම සැකකරු ව්‍යාපාර රැසක් බිඳවැටී තිබිය දී විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව ද ඒ අනුව ඔහුට කිසියම් කිසියම් නීති විරෝධී මාර්ගයකින් මුදල් ලැබෙන්නේ ද? යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන පවත්වන බව ද දැනුම් දුන්නා.

Giraya News Alerts

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමකළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top