රුපියල් එක් කෝටි විසි හය ලක්ෂ හතළිස් තුන් දහසක මුදලක් සහ රන් පවුම් 40ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (12) රාත්‍රියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මුදල් සහ රත්‍රං සහ මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ඒවා බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් එක් අයෙක් ප්රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්දික් නමැත්තාගේ ගෝලයෙකු බවත් අනාවරණය වී ඇත.
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ මත්ද්‍රව්‍ය පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
