යුක්රේන සංචාරකයන් හේතුවෙන් රට අවදානමට ලක්ව ඇති බවට ඇතමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව දැනුම් දීම සඳහා අද (12) දිනයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
එහිදී, මාධ්‍යවේදියා විසින් ‘මේ වෙනකොට යුක්රේනය රට වහලා. කොවිඩ් විශාල වශයෙන් සීඝ්රයෙන් පවතින රටක්. මෙම සංචාරකයෝ අපේ රටේ නීතියට අවනත නොවී මුඛ ආවරණ පැළැඳගන්නේ නැතුව ඔවුන්ට රිසි සේ කටයුතු කරන්න අවස්ථාව දීලා තියෙන්නේ ඇයි ලංකාව රජයෙන්? ඩොලර් එක නිසා ද? මේ හැම නීතියක්ම බලපාන්නේ ගමේ බණ්ඩාට විතර ද?’ විමසුවා.
එහිදී, අමාත්‍යවරයා ‘ඒ යුක්රේන සංචාරකයින් ගෙනල්ලා තියෙන්නේ ඔවුන්ගේ බලයට යටත් වීමක් විදියට නෙමෙයි. ශ්‍රී ලංකාවේ ගමේ බණ්ඩාට කෑම කන්න නම්, විදුලිය ලබා ගන්න නම්, ඒ වගේම බෙහෙත් ටික ගන්න නම් විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ විදේශිය විනිමය ඉපයීමේ දී සංචාරක ව්‍යාපාරය වැදගත්.
ඒ නිසා ගමේ බණ්ඩා ගැන හිතල තමයි යුක්රේන සංචාරකයින් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ගමේ බණ්ඩාට සැලකීමක් මිසක් නොසලකා හැරීමක් විදියට නෙමෙයි. ඒ වගේම, ඔවුන් ඉන්නේ ජෛව බුබුළක් ආකාරයෙන්. ඔවුන් ඔවුන් අතර සිටිද්දී, ඔවුන් සියළුදෙනා එකට ගෙනල්ලා එකට ඉන්නේ. ඒ පිරිස අන් අයගෙන් වෙන් කරලා තබා ගැනීමයි සිද්ධවෙන්නේ. ආපු 1004ටම තුන්දෙනයි කොරෝනා රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ. එය අතිශයින්ම පහත් අගයක්. සියයට 0.3ක අගයක්. ඒ නිසා මේ යුක්රේන සංචාරකයින් සහ රට අවදානමට ලක් වෙලා කියන කතාවට පදනමක් නැහැ’ යනුවෙන් පැවසුවා.
