ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 48,949ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (11) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 569දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් අතරින් 564 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද, සිව් දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයා විදෙස්ගතව සිට පැමිණ පුද්ගලයෙක් වේ.
ඊයේ (11) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් 37 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ අනුව, කොරෝනා දෙවැනි රැල්ලෙ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 20,000 ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔක්තෝම්බර් 04 වැනි දින සිට ආසාදිතයින් 20,017ක් වාර්තා වූ බවයි.
නමුත්, ඊයේ (11) දිනයේ දි වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයෙන් වේ. ඒ ආසාදිතයින් 110ක් වූ ප්රමාණයකි.
ආසාදිතයින් වාර්තා වූ ප්‍රමාණය දිස්ත්‍රික්කවලට අනුව පහත පරිදි වේ.
- ගම්පහ දිස්ත්‍රික්කය – 88
- කෑගල්ල දිස්ත්‍රික්කය – 52
- රත්නපුර දිස්ත්‍රික්කය – 33
- වව්නියාව දිස්ත්‍රික්කය – 32
- මහනුවර දිස්ත්‍රික්කය- 28
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 24
- ගාල්ල දිස්ත්‍රික්කය – 18
- මාතලේ දිස්ත්‍රික්කය – 15
- පුත්තලම දිස්ත්‍රික්කය – 12
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 10
- මොණරාගල දිස්ත්‍රික්කය – 09
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 09
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 03
- යාපනය දිස්ත්‍රික්කය – 02
- මඩකලපුව දිස්ත්‍රික්කය – 02
- මුලතිව් දිස්ත්‍රික්කය – 02
- අම්පාර දිස්ත්‍රික්කය – 02
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
එමෙන්ම, ප්‍රදේශය තහවුරු කර නොගත් ආසාදිතයින් 78 දෙනෙකු ද ඊයේ (11) වාර්තා වූ ආසාදිතයින් අතරට අයත් වේ.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6618ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 42,091 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ආසාදිතයින් 240 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත.
