සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 08ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සඛ්‍යාව 240කි.
2021 ජනවාරි 06 දින මිය ගිය පුද්ගලයින්
- වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
2021 ජනවාරි 07 දින මිය ගිය පුද්ගලයින්
- රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ දියවැඩියාව තත්ත්වයයි.
2021 ජනවාරි 08 දින මිය ගිය පුද්ගලයින්
3. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී 2021 ජනවාරි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
4. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ අපස්මාරයයි.
2021 ජනවාරි 10 දින මිය ගිය පුද්ගලයින්
5. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 10 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
6. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 10 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ වකුගඩු රෝගයකි
7. දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කළුතර මහ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 10 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂ වීමයි.
2021 ජනවාරි 11 දින මිය ගිය පුද්ගලයින්
- කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මඩකලපුව ශික්ෂණ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු වැලිකන්ද මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂවීමයි
