කොවිඩ් වසංගතය හේතුවෙන් දේශපාලන කටයුතු අකර්මණ්‍ය වී තිබුණ ද රටේ විනාශය නතර වී නොමැති බවත් එම තත්ත්වය හමුවේ වුව ද විනාශයට එරෙහිව සටන් කිරීමට පෙළගැසීමට බල කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (10) දිනයේ දී සම්මන්ත්‍රණයක දී ය.
එමෙන්ම, රට ගොඩනැගීමට ප්‍රධාන වශයෙන්ම සාධක තුනක් තිබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු, ‘මේ රට හදන්නට බැරිනම් හදන්නට වෙන රටක් නැහැ ලෝකයේ. මොකක්ද හදන්න පුළුවන් කමක් තිබෙන්නේ. අපිට ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාද කරන්න පුළුවන් හැබැයි මේ රට ගොඩ නැගීමේ ප්‍රධාන සාධක තුනක් සම්පූර්ණ වෙන්නට ඕනේ. අවංකභාවය, සාමූහිකත්වය සහ කැපකරීම.
ඊට පස්සේ රටේ සමපත්, රටේ පිහිටීම මානව සම්පතේ ස්භාවය ඉතා හොඳින් කළමණාකරනය කළ නව ආර්ථික සැලැස්මකට අපේ රට පරිවර්තනය කරන්නට ඕනේ. අපි හිතනවා මේ මොහොතේ එවැනි නව ආර්ථික සැලැස්මකට රට පරිවර්තනය කරන්න සමත් වෙන තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා මා හිතනවා දැන් අපි පටන් ගන්නට ඕනේ.
කොරෝන නිසා අපි එකිනෙකාට මුණ ගැසෙන්න අද බාධා කරලා තියෙනවා. හැබැයි කොවිඩ් හේතුකොටගෙන අපේ දේශපාලනයේ යම් ප්‍රමාණයට අකර්මන්‍ය වෙලා තිබුණාට රටේ විනාශය නතර වී නැහැ. ඒ නිසා අපිට බලකරලා තිබෙනවා මේ කොවිඩ් තත්ත්වය හමුවේ වුවද මේ විනාශයට එරෙහිව සටන් කරන්න පෙළගැසෙන්න එකතුවෙන්න අපට බලකරලා තියෙනවා. පාර්ලිමේන්තුව ගතහොත් තවදුරටත් අදාළ නැහැ. මොකෝ 20 වන සංශෝධනය හරහා ජනාධිපතිවරයා සියලුම බලය අතට අරගෙන ඉවරයි. ඒ නිසා අපේ අරගලයේ ඉතා කුඩා වේදිකාව බවට පාර්ලිමේන්තුව පත්වෙලා තියෙන්නේ. අපේ අරගලයේ ප්‍රධාන වේදිකාව බවට පත්වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත. ඒ නිසා රටට අවශ්‍ය වී තිබෙනවා පාර්ලිමේන්තුවෙන් එළියේ විපක්ෂයක්’ යනුවෙන් පැවසුවා.
