Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මාංචෝලේ ග්‍රාම නිලධාරී වසම හුදකලා කරයි

කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු හමුවිමත් සමග රෝග ව්‍යාප්තිය පාලනය කිරිම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ත්‍රිකුණාමල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් .කොස්තා පැවසීය.

ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේදි අද (11) දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාලගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කොවිඩ් 19 මර්ධන කමිටු රැස්විමේදී මෙම තීරණයට එළඹි බව ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීය.

මේ අනුව කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 27ක් සොයාගෙන ඇති අතර සංචරණ සීමා පැනවිමෙන් පසු කණ්ඩායම් තුනක් යොදවා රැපිට් ඇන්ටිජන් පරික්ෂණ හා පී.සී.ආර්.පරික්ෂණ සිදු කිරිමට විධි විධාන යොදා ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් කීය.

Giraya News Alerts

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top