ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 48,380ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (10) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 540දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් අතරින් 536 දෙනෙකු පෑළියගොඩ පොකුරෙන් ද, සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ද වේ.
එමෙන්ම, ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 86 දෙනෙකුගේ පදිංචි ප්‍රදේශය නිශ්චිතවම තහවුරු වී නොමැත.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 217 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඉන් 69 දෙනෙකු බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව, කොරෝනා දෙවැනි රැල්ලෙන් කොළඹින් වාර්තා වූ ආසාදිතයින් ගණන 19,980ක් දක්වා ඉහළ ගොස් ඇත.
අනෙක් දිස්ත්‍රික්කයන්ගෙන් වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය පහත පරිදි වේ.
- ගම්පහ දිස්ත්‍රික්කය – 85
- රත්නපුර දිස්ත්‍රික්කය- 40
- ගාල්ල දිස්ත්‍රික්කය – 26
- මහනුවර දිස්ත්‍රික්කය – 13
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 10
- මඩකලපුව දිස්ත්‍රික්කය – 09
- කළුතර දිස්ත්‍රික්කය – 08
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 08
- මාතර දිස්ත්‍රික්කය – 06
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
- මාතලේ දිස්ත්‍රික්කය – 06
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 05
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 04
- අම්පාර දිස්ත්‍රික්කය – 03
- කෑගල්ල දිස්ත්‍රික්කය – 02
- මුලතිව් දිස්ත්‍රික්කය – 01
- අනුරාධපුරය දිස්ත්‍රික්කය – 01
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6823ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 41,325 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ආසාදිතයින් 232 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත.
