Advertise with Giraya
NEWS

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු STF නිලධාරීන් 30කට කොරෝනා

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ, ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බවයි. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top