ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 47,840ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (09) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 535දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින්ගෙන් 517 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද, 18 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ.
වාර්තා වූ ආසාදිතයින්ගෙන් 148 දෙනෙකු කොළඹ දිස්ත්රික්කයෙන් ද, 111 දෙනෙකු මහනුවර දිස්ත්රික්කයෙන් ද වාර්තා වී ඇත.
ආසාදිතයින් වාර්තා වූ අනෙකුත් දිස්ත්රික්ක පහත පරිදි වේ.
- කෑගල්ල දිස්ත්රික්කය – 64
- ගම්පහ දිස්ත්රික්කය – 59
- රත්නපුර දිස්ත්රික්කය – 31
- මාතර දිස්ත්රික්කය – 28
- කළුතර දිස්ත්රික්කය – 20
- මඩකලපුව දිස්ත්රික්කය – 19
- මාතලේ දිස්ත්රික්කය – 11
- කුරුණෑගල දිස්ත්රික්කය – 11
- ත්රිකුණාමලය දිස්ත්රික්කය – 08
- ගාල්ල දිස්ත්රික්කය – 05
- අනුරාධපුරය දිස්ත්රික්කය – 05
- මොණරාගල දිස්ත්රික්කය – 04
- නුවරඑළිය දිස්ත්රික්කය – 03
- පොළොන්නරුව දිස්ත්රික්කය – 02
- පුත්තලම දිස්ත්රික්කය – 02
- අම්පාර දිස්ත්රික්කය – 02
- යාපනය දිස්ත්රික්කය – 01
- මුලතිව් දිස්ත්රික්කය – 01
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ගණන 6773ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 40,838 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ආසාදිතයින් 229 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත.
