Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 229ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 229කි.

226 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 74ක කාන්තාවකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුල් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හා උග්‍ර වූ ඇදුම රෝගී තත්ත්වයයි.

227 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 64ක පිරිමි පුද්ගලයෙකි. කල්මුණේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 09 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

Giraya News Alerts

228 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ ලේ විෂ වීමයි.

229 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ඕපනායක ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනිමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 08 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top