Advertise with Giraya
NEWS

අහඹු පරීක්ෂණවලින් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වීමෙන් ප්‍රදේශ 05ක් හුදකලා කරයි

කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 162ක් පසුගිය 04 වැනිදා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන අතර එයින් 26 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව, ආසාදිතයින් හඳුනාගත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම්වල මුම්මාන පන්සල් හංදිය, මුම්මාන මංසන්ධිය, කඩේවත්ත, වල්පොලමුල්ල, කවුඩුවත්ත යන ප්‍රදේශ හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top