Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 35ක් අවිස්සාවේල්ල ඇඟළුම් කම්හලකින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 46,780ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (07) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 532දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 432 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද, 93 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. මීට අමතරව, ඉතාලියේ සිට පැමිණි තිදෙනෙකු ද, සුඩානයේ සිට පැමිණි තිදෙනෙකු ද, ජෝර්දානයේ සිට පැමිණි එක් අයෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම, ඊයේ (07) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් 226 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 35 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟළුම්හලකින් වාර්තා වී ඇත.

Giraya News Alerts

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72ක් වාර්තා වී ඇති අතර ඉන් 33 දෙනෙකු බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 13 දෙනෙකු මීගමුව බන්ධනාගාරයෙන් වාර්තා වී ඇත.

තවද ගාල්ල බන්ධනාගාරයෙන් ආසාදිතයින් 39 දෙනෙකු ද ඇතුළුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව පහත පරිදි දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී ඇත.

  • කළුතර දිස්ත්‍රික්කය – 31
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 16
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 16
  • මාතර දිස්ත්‍රික්කය – 15
  • අම්පාර දිස්ත්‍රික්කය – 14
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 12
  • යාපනය දිස්ත්‍රික්කය – 08
  • රත්නපුර දිස්ත්‍රික්කය- 08
  • මාතලේ දිස්ත්‍රික්කය – 05
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 03
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6900ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 39,661ක් සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 222ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top