Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 222ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 222කි.

220 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මීතිරිගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙකි. වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2021 ජනවාරි 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හා අපස්මාරයයි.

221 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බේරුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඉරණවිල මූලික රෝහලේ සිට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ද්විතියීක ලේ විෂවීම සහ වකුගඩු ආසාදනයයි.

222 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී 2021 ජනවාරි 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top