Advertise with Giraya
NEWS

ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 46,248ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (06) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 522දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 521 දෙනෙකු පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර එක් ආසාදිතයෙකු කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වේ.

එමෙන්ම, ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 206 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව, ඔක්තෝම්බර් 04 වන දා සිට මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 19,196ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Giraya News Alerts

ඊයේ දිනයේ දී කොළඹින් වාර්තා වූ ආසාදිතයින් අතරින් 36ක් බොරැල්ලෙන්ද, 32ක් කොල්ලුපිටියෙන්ද, 27ක් නාරාහේපිටින් ද වාර්තා වී ඇත. අනෙක් දිස්ත්‍රික්කවලින් වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

  • ගම්පහ දිස්ත්‍රික්කය – 97
  • කළුතර දිස්ත්‍රික්කය – 81
  • ගාල්ල දිස්ත්‍රික්කය – 28
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 27
  • අම්පාර දිස්ත්‍රික්කය – 24
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 17
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 13
  • රත්නපුර දිස්ත්‍රික්කය – 12
  • මහනුවර දිස්ත්‍රික්කය – 07
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 05
  • යාපනය දිස්ත්‍රික්කය – 03
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7006ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 39,023ක් සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 219ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top