Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 219කි.

218 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි මස 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

219 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අලව්ව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි මස 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර දියවැඩියාව, හෘදයේ අක්‍රීයවීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top