Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කෑගල්ලේ කොරෝනා ඔසුව යොදාගෙන සායනික පර්යේෂණ සිදු කිරීමට අවසර

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන ඖෂධය යොදා ගෙන සායනික පර්යේෂණ සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.

ඊට අදාළ ලිපිය අනුරාධපුර ශික්ෂණ රෝහලට, අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ සහ උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට යොමුකළ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

පසුගියදා දෙසැම්බර් 30 වනදා රජරට විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම කමිටුව ද මෙම ඖෂධය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.පසුව එම ඖෂධය කොවිඩ් ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් පරීක්ෂණයට යොමුකිරීමට කටයුතු කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබීය.

Giraya News Alerts

ඒ අනුව, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් දෙකකදී එම සායනික පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top