Advertise with Giraya
POLITICS

ඌව තැන්නේ සුමන හිමියන්ට වගේ දුමින්ද සිල්වාටත් ජනාධිපති සමාව දිය හැකියි – ඇමති විමල් වීරවංශ

ඌව තැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලබා දිය හැකි නම් දුමින්ද සිල්වාටත් ජනාධිපති සමාව ලබා දීමේ හැකියාවක් ඇති බව අමාත්‍ය විමල් වීරවංස පවසනවා. ඔහු මේ බව පැවසුවේ, අද (06) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී, අදහස් දක්වමින් අමාත්‍යවරයා, ‘ඌව තැන්නේ සුමන ස්වාමීන් වහන්සේව මං හිතන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ද කොහෙද ලැබුනේ උන්වහන්සේට. ඒ අවි ආයුධ විශාල ප්‍රමාණයක් තබාගෙන සිටියදී තමයි උන්වහන්සේ අත්අඩංගුවට ගැනුනේ.

ඉතින් එවැනි චෝදනාවක් තිබුණු ස්වාමීන් වහන්සේ නමකට ජනාධිපති සමාව දිය හැකි නම් ඇත්ත වශයෙන්ම අර රන්ජන් රාමනායකලාගේ හඬ පට වලින් එළියට ආපු විදියට දුමින්ද සිල්වා මහත්මයාගේ නඩු තීන්දුවට අදාළ විනිශ්චයකාරවරියකට බලපෑම් කරපු ආකාරය හෙළිවෙලා තියෙද්දී, ඒ වගේම මම දන්න තරමින් පසුගියදා නිකුත් වෙච්ච දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත් එම නඩු තීරණය සාධාරණ නැහැ කියලා නිගමනය කොට තියෙද්දිත්, ඒ වගේම රහස් පොලීසියේ එවකට සිටි ප්‍රධානියා ශානි අබේසේකර සහ රන්ජන් රාමනායක හඬ පටයේත් අධිකරණයට කරපු බලපෑම අනාවරණය වෙලා තියෙද්දීත්, ඒ කියන්නේ අතේ මාට්ටුු වෙලා තියෙද්දීත් තවදුරටත් දුමින්ද සිල්වා සිරගත කොට තබාගෙන සිටීමට ඉඩදීම සාධාරණයි කියලා අපි හිතන්නේ නැහැ.

Giraya News Alerts

ඌව තැන්නේ සුමන ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව දිය හැකි නම්, දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාටත් ජනාධිපති සමාව දිය හැකියි කියන මතයේ තමයි අපි ඉන්නේ.’ යනුවෙන් පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top