සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 217කි.
216 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මාතලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික් රෝහලේ දී 2021 ජනවාරි මස 03 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදන සමඟ ස්වසන පද්ධතියේ ආසාදනයයි.
217 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කළුතර පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. 2021 ජනවාරි මස 02 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමග ලේ විෂවීම සහ ඇදුම රෝගයයි.
