Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිස්ත්‍රික්ක 22කින් ඊයේ ආසාදිතයින් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මේ වන විට 45,242 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (04) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 468 දෙනා ද ඇතුළුවයි.

එම අසාදිතයින් අතරින් 451 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද, 16 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයා පකිස්ථානයේ සිට පැමිණි අයෙක් වේ.

ඊයේ (04) දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 183
  • මහනුවර දිස්ත්‍රික්කය – 73
  • ගම්පහ දිස්ත්‍රික්කය – 72
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 28
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 19
  • ගාල්ල දිස්ත්‍රික්කය – 12
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 12
  • කළුතර දිස්ත්‍රික්කය – 11
  • මාතර දිස්ත්‍රික්කය – 10
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 08
  • අම්පාර දිස්ත්‍රික්කය – 07
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 07
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 06
  • යාපනය දිස්ත්‍රික්කය – 06
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 03
  • මොණරාගල දිස්ත්‍රික්කය – 02
  • වවුනියාව දිස්ත්‍රික්කය – 02
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 02
  • මාතලේ දිස්ත්‍රික්කය – 01
  • පුත්තලම දිස්ත්‍රික්කය – 01
  • මුලතිව් දිස්ත්‍රික්කය – 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 01

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7210ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 37,817ක් සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 215ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top