Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිස්ත්‍රික්ක 20කින් ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වේ

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මේ වන විට 44,774ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (03) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 403 දෙනා ද ඇතුළුවයි.

ඒ අනුව, ඊයේ (03) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් 401 දෙනෙකු පෑලියගොඩ පොකුරට ද, දෙදෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ.

ඊයේ (03) දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 81
  • මහනුවර දිස්ත්‍රික්කය – 56
  • ගම්පහ දිස්ත්‍රික්කය- 30
  • කළුතර දිස්ත්‍රික්කය – 27
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 20
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 18
  • අම්පාර දිස්ත්‍රික්කය – 17
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 17
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 14
  • රත්නපුර දිස්ත්‍රික්කය – 14
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 06
  • ගාල්ල දිස්ත්‍රික්කය – 04
  • යාපනය දිස්ත්‍රික්කය – 04
  • මාතර දිස්ත්‍රික්කය – 03
  • මාතලේ දිස්ත්‍රික්කය – 02
  • පුත්තලම/හම්බන්තොට/මොණරාගල/අනුරාධපුර/ කිළිනොච්චිය – එක් ආසාදිතයා බැගින්

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7309ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 37,252ක් සුවය ලබා ඇත. වෛරසය හේතුවෙන් පුද්ගලයින් 213 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top