Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 211කි.

209 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 93ක කාන්තාවකි. 2020 දෙසැම්බර් 30 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ බහුවිධ සංකූලතායි.

210 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අනන්‍යතාවය සනාථ කළ නොහැකි වයස අවුරුදු 70ත් 80ත් අර මරදාන පොලිස් වසමේ දී හඳුනාගත් පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 30 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනයයි.

Giraya News Alerts

211 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 76ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2021 ජනවාරි 02 වැනි දින මියගොස ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top