කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන හෙළ ඔසුවේ සායනික අධ්‍යයනයන් අවසන් කර දත්ත විශ්ලේෂණයන් සිදු කරන තෙක් අදාළ පර්යේෂණ කණ්ඩායම ඒ පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකරනු ඇති බව කමිටු සභාපති විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය සඳහන් කරයි.
අදාළ දේශීය ඖෂධයෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව තක්සේරු කිරීම සඳහා අදාළ සායනික අත්හදා බැලීම සිදුකෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය පවසයි.
එමෙන්ම, ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිවූයේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ දේශීය ඖෂධය සායනික පරීක්ෂාවකට භාජනය කිරීම සඳහා මිස සායනිකව භාවිත කිරීමට නොවන බව ඔහු අවධාරණය කළා.
ඒ අනුව, හැකි ඉක්මනින් මෙම සායනික අධ්‍යයනය සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, එය අවසන් කිරීමෙන් පසු ප්‍රතිඵල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත් අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
