2020 වසර තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතික, ආගමික,සමාජීය, ආර්ථික, දේශපාලනික සංදර්භය තුළ කැපී පෙනෙන ලෙස ප්‍රබල මැදිහත්වීම් සිදුකරමින් මෙරට ගමන්මග වෙනස් කිරීමට දායකත්වය දුන් මෙරට බලවත්ම පුද්ගලයින් දස දෙනා සම්බන්ධයෙන් “ගිරය” වෙබ් අඩවිය දීර්ග ලෙස කළ සොයා බැලීමකින් අනාවරණය වූ පුද්ගලයින් පිළිබඳ හඳුනාගන්නා ලදී.
මෙරට ගමන්මගට කැපී පෙනෙන බලපෑමක් කළ පුද්ගලයින් 100 දෙනෙකු මූලික වශයෙන් හඳුනාගත් අතර ඒ අතරින් වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයින් 10 දෙනා ප්‍රසිද්ධියට පත් කිරීමට “ගිරය” සංස්කාරක මණ්ඩලය තීරණය කරන ලදී. මෙහිදී අදාළ පුද්ගලයා රටට සිදුකළ ‘බලපෑම’ ධනාත්මක බලපෑමක් ද ඍණාත්මක බලපෑමක් ද යන්න සැළකිල්ලට නොගත් අතර බලපෑම යන සාධකය පමණක් සැළකිල්ලට ගෙන ඇත. බලවත්ම පුද්ගලයින් 100 දෙනාගේ ලැයිස්තුව තුළ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින්, ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් සිටි අතර ඔවුන් සිදුකළ මැදිහත්වීම් මගින් රටට සිදු වූ බලපෑම මත ශ්‍රී ලංකාවේ බලවත්ම පුද්ගලයින් 10 දෙනා තෝරා ගැනීම සිදුවිය.
ඒ අනුව, 2020 වසරේ ශ්‍රී ලංකාවේ බලවත්ම පුද්ගලයා ලෙස නම් ව සිටින්නේ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා යි. 2020 වසරේ බලවත්ම පුද්ගලයින් 10 දෙනා අතරට කාන්තාවක් ඇතුළත් නොවීම ද විශේෂිත සිදුවීමකි.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි
ජෝර්ජ් ස්ටුවර්ට් පුද්ගලික සමාගමේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති, ව්‍යපාරික, නීතිඥ දිලිත් ජයවීර
සිරස මාධ්‍ය ජාලයේ සභාපති, ව්‍යාපාරික කිලී රාජමහේන්ද්‍රන්
හිරු මාධ්‍ය ජාලයේ සභාපති, ව්‍යාපාරික රේන ද සිල්වා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ
සමගි ජනබලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා

