මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ කොළඹ නුවර මහාමාර්ගය ඉදිරිපිට පිහිටි බුදු පිලිමයේ ඉදිරිපස වීදුරුවකට ඊයේ (28) අලුයම කිසියම් පිරිසක් විසින් අලාභහානි සිදු කර ඇති අතර මෙය කිසියම් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරන්නට ඇතැයි පොලීසිය විසින් සැක පළ කරයි.මීට වසර දෙකකට පෙරදී ද මෙම බුදු පිළිමයට අලාභහානී සිදු කර තිබුණි.
එමෙන්ම මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ අලුත්නුවර නගරයේද බුදු පිළිමක ඉදිපස විදුරුවකට හානි කර තිබේ. ප‍්‍රදේශවාසින් පවසන අන්දමට මිට දින තුනකට පෙර රාත්‍රී මෙම වීදුරුවට හානි කර තිබේ.
මේ වන විට යුද හමුදා භටයන් මෙන්ම පොලීසිය ද එහි ආරක්ෂාවට යොදවා ඇති අතර මාවනැල්ල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
