ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මේ වන විට 41,603ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (28) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 549 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 549 දෙනාගෙන් 237 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම, ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් ගණන වූ ආසාදිතයින් 121ක ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයෙන් ය. එමෙන්ම, කිරුළපන ප්‍රදේශයෙන් ආසාදිතයින් 28ක් ද, වැල්ලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 18ක් ද වාර්තා වී තිබෙනවා.
විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 19 දෙනෙකු ද ඊයේ (28) වාර්තා වූ ආසාදිතයින් අතර වේ.
මීට අමතරව පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
- ගම්පහ දිස්ත්‍රික්කය – 124
- මහනුවර දිස්ත්‍රික්කය – 44
- කළුතර දිස්ත්‍රික්කය – 39
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 20
- අම්පාර දිස්ත්‍රික්කය – 19
- ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල – 12 බැගින්
- මාතර දිස්ත්‍රික්කය – 07
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 06
- අනුරාධපුරය හා කෑගල්ල දිස්ත්‍රික්කවල – 02 බැගින්
- මඩකලපුව/මොණරාගල/හම්බන්තොට/ත්‍රිකුණාමලය/බදුල්ල/පොළොන්නරුව – එක් ආසාදිතයා බැගින්
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8188ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින් අතරින් 33,221ක් සුවය ලබා ඇත. ඊයේ දිනයේ දී ද කොවිඩ් මරණ 03ක් වාර්තා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 194ක් දක්වා ඉහළ ගොස් තිබේ.
