Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් – 19 මරණ ගණන 194ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 194කි.

192 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දි 2020 දෙසැම්බර් 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ ලේ විෂවීම සහ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

193 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර මහ රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 28 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ උග්‍ර වකුගඩු රෝගීී තත්ත්වයකි.

Giraya News Alerts

194 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2020 දෙසැම්බර් 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ ලේ විෂ වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top