Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොවිඩ් මළ සිරුරු භූමිදානයට එරෙහිව මහා සංඝරත්නය පාරට බසියි

කොවිඩ් මළ සිරුරු භූමිදානයට එරෙහිව ජාතික භික්ෂු සංවිධාන අද (28) දින විරෝධතාවයක නිරත විය.

එහිදී පොලිස් බාධා කිරිම් ද නොසලකා පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපටට වැඩම කළ උන්වහන්සේලා ගේ ඉල්ලීම වූයේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් බලාත්මක කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙසත් සියලුම ජනවර්ගයන්ට එක සමානව නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා රජයෙන් ඉල්ලා සිටියි.

Giraya News Alerts

එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් ‘අපිට විශාල සැකයක් තිබෙනවා. වෛරසයක් ආසාදනය උනු මළ කුණක් පුච්ච ගන්න බැරි ආණ්ඩුව මද්‍රාසා පාසල්, ශරියා නිතිය, මුස්ලිම් ළමා විවාහ නීති වෙනස් කරලා එක රටක් එක නීතියක් බවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කරයි ද කියලා අපිට සැකයක් තියෙනවා’

69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න. නීතිය ආගම අනුව වෙනස් වෙන්න බෑ. නීතිය ජාතීන් අනුව වෙනස් වෙන්න බෑ. නීතිය හැමෝටම එකක් විය යුතුයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර්, මැලේ යන හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ.

අද දිනයේ දී මේක ආරම්භයක් විතරයි. ඒක නිසා ආණ්ඩුවට විරුද්ධව රැල්ලක් බවට මේක පරිවර්තනය කරන්න එපා යැයි අපි අදාළ පාර්ශ්වවලට මතක් කරනවා’ යැයි පැවසුවා

කෙසේ වෙතත්, විරෝධතාව අතරතුර, විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේ සහ ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි නිලධාරින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

භික්ෂූන් වහන්සේලා විසින් එම විරෝධතාවය සිදු කරමින් සිටින අතරතුර දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙනත් කටයුත්තක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර ජාතික භික්ෂු සංවිධාන විසින් එම අවස්ථාවේ දී ඇමතිනිය වෙත සංදේශයක් ද භාර දුන්නා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top