ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 41,054ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (27) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 674 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 674 දෙනාගෙන් 437 දෙනෙකු ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 174 දෙනෙකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153 දෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 දෙනෙකු ද වාර්තා වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වී ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ය.
ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 174
- අවිස්සාවෙල්ල – 26
- මරදාන – 20
- දෙමටගොඩ – 18
- දෙහිවල – 10
- මට්ටක්කුලිය – 08
- සිනමන් ගා(ර්)ඩන් – 07
- කොළඹ 12 (Hults Drof) – 06
- වැල්ලවත්ත/ බ්ලූමැන්ඩල්/ පිළියන්දල – 05
- කොම්පඤ්ඤවීදිය/ කිරුළපන/ නුගේගොඩ – 04 බැගින්
- බොරැල්ල/ ග්‍රෑන්ඩ්පාස්/ අංගොඩ/ කෙසෙල්වත්ත/ කොස්ගම/ පන්නිපිටිය – 03
- ගොඩගම/ ගොතටුව/ ගල්කිස්ස/ මොරටුව/ ඔරුගොඩවත්ත – 02 බැගින්
- බම්බලපිටිය/ කෝට්ටේ/ ආටිගල/ බඩෝවිට/හංවැල්ල/ මාලඹේ – එක් ආසාදිතයා බැගින්
- ගම්පහ දිස්ත්‍රික්කය – 153
- මහර – 40
- පූගොඩ – 35
- මිගමුව – 14
- කැළණිය – 08
- කඩවත – 06
- වේයන්ගොඩ/මතුම්ගල – 05 බැගින්
- මිනුවන්ගොඩ/වෙල්ගම්මුල්ල/වත්තල – 03 බැගින්
- අස්ගිරිවල්පොල/කිරිඳිවැල/මිරිගම/මිරිස්වත්ත/රාගම – 02 බැගින්
- අමදෝළුව/අත්තනගල්ල/බඩල්ගම/එල්ලක්කල/දිවුලපිටිය/මීනටියාන/ජා-ඇල/කළගෙඩිහේන/කඳාන/ කොච්චිකඩේ/කොටදෙණියාව/ මාකොළ/ නැදුන්ගමුව/නිට්ටඹුව/පැළියගොඩ/පැපිලියාවල/සියඹලාපේ/සීදූව/රුක්ගහවිල/ තිහාරිය/ වරාගොඩ – එක් ආසාදිතයා බැගින්
- කළුතර දිස්ත්‍රික්කය – 110
- මහනුවර දිස්ත්‍රික්කය – 52
- රත්නපුර දිස්ත්‍රික්කය – 50
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 26
- කෑගල්ල දිස්ත්‍රික්කය – 21
- ගාල්ල දිස්ත්‍රික්කය – 20
- මාතර දිස්ත්‍රික්කය – 19
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 15
- පුත්තලම දිස්ත්‍රික්කය – 08
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
- අම්පාර දිස්ත්‍රික්කය – 05
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 03
- මඩකලපුව දිස්ත්‍රික්කය – 02
- මොනරාගල දිස්ත්‍රික්කය – 02
- මාතලේ දිස්ත්‍රික්කය – 02
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8162ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. සුවය ලැබූ ආසාදිතයින් ගණන 32,701ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 191ක් වේ.
