Advertise with Giraya
NEWS

හුදකලා කිරීම හා ඉවත් කිරීම පිළිබඳ නවතම නිවේදනය

පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරිම හා අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලින කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද මහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ.

කොළඹ දිස්ත්‍රික්කය

01. දෙසැම්බර් මස 28 වන දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

Giraya News Alerts

පොලිස් වසම්

  • වේල්ලවීදිය පොලිස් වසම
  • කෙසෙල්වත්ත පොලිස් වසම
  • මරදාන පොලිස් වසම

ග්‍රාම නිලධාරී වසම්

  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
  • වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
  • බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත
  • වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය

02.දෙසැම්බර් 28 වන දින උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ

  • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම
  • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම

මේ වන විටත් හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් දැනුම් දේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top