සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 191කි.
188 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පිටකෝට්ට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
189 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රාගම ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. රාගම ශික්ෂණ රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 26 වැනි දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ මොළයේ ඇති වූ ආසාදනයකි.
190 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කඩවත ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවකි. රාගම ශික්ෂණ රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර එවා ඇත. එම රෝහලේ දී 2020 දෙසැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
191 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වවුනියාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. වවුනියාව දිස්ත්‍රික් රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 26 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ හෘදයාබාධයකි.
