Advertise with Giraya
NEWS

පලා ගිය ආසාදිතයා මාකොළදී ම සොයා ගනියි

Update at 01.30 PM

නිවෙස් නිරෝධායනයේ යෙදි සිටිය දි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව පලා ගියා ආසාදිතයා මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක දී සොයා ගෙන තිබෙනවා.

එම නිවසේ ආසාදිතයාගේ දෙමව්පියන් ද, තවත් කාන්තාවක් ද සිට ඇති බවත් ඔවුන් ද නිරෝධායනයට යොමු කිරිමට පියවර ගත් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Giraya News Alerts

_________________________________________________________________________

නිවෙස් නිරෝධායනයේ සිටියදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු නිවසින් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට ලක්කර සිටි එම පුද්ගලයා කොවිඩ් රෝගියෙකු බවට අනාවරණය වීමෙන් පසු නිවසින් පලා ගොස් ඇත.

නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි පුද්ගලයෙක් වන මොහු සපුගස්කන්ද, මාකොළ උතුර, දේවාල පාර ලිපිනයේ ඔහු පදිංචිව වී සිට ඇති බව පොලීසිය පවසයි. එම පලාගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සඳහා සපුගස්කන්ද පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

ඒ අනුව, ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක – පොලිස් ස්ථානාධිපති සපුගස්කන්ද – 071 8591599/ 011 2400315 හෝ හදිසි ඇමතුම් අංශය – 011 2 433333/119

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top