කොරෝනා එන්නත මිලට ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් ණය මුදලක් ඉල්ලා සිටින අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් අති විශාල මුදලක් වැය කිරීම සුදුසු නැතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද (24) පෙරවරුවේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ‘කොරෝනා වෛරස උවදුරින් සමස්ත ජාතියම බැට කන වෙලාවේ ආණ්ඩුව යළිත් වතාවක් ජාත්‍යන්තරයේ හිඟමන් යදිමින් කටයුතු කරනවා දැක්ම කණගාටුවට කාරණාවක්. වත්මන් රජය ජාත්‍යන්තරයේ සිඟමන් අයදිනවා. ඒ කුමක් සඳහා ද ? කොරෝනා වෛරසය උවදුරින් අත්මිදීම සඳහා වූ එන්නත ලබා ගැනීමට රජය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් බිලියන 10ක කොරෝනා වෛරස උවදුරෙන් අත්මිදීම සඳහා වූ එන්නත ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මුදල් ණයට ඉල්ලනවා.
මෙවන් වාතාවරණයකදී තමයි පළාත් සභා මැතිවරණයක් පවත්වන්න තවත් පැත්තකින් යෝජනා වෙන්නේ. අපි පැහැදිලිවම දන්නවා එවන් මහා මැතිවරණ කාර්යයකදී යන වියදම රුපියල් තවත් කෝටි පන්සීයක් හයසීයක් වියදම් වෙන ක්‍රියාවලියක් තමයි මැතිවරණය කියන්නේ. මෙවන් මැතිවරණයකට යන්න රටකට වත්කමක් තියෙනවාද ? පළාත් සභා නඩත්තු කරන්න වාර්ෂිකව රුපියල් බිලියන සියයක තරම් මහා වැය කන්දරාවක් දරන්න වෙනවා. කොරෝනා එන්නත ලබා ගැනීමට ණයට හෝ ආධාර වශයෙන් මුදල් ඉල්ලන රජයක් තේරුම් ගන්න ඕන නිහතමානීව මේ අවස්ථාව මැතිවරණ පවත්වන්න සුදුසු අවස්ථාවක් නොවන බව’ පැවසුවා.
