ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 38,639ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (23) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 580 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 580 දෙනාගෙන් 507 දෙනෙකු පෑලියගොඩ පොකුරට ද, 72 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනේ ආසාදිතයා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වේ.
එමෙන්ම, දිස්ත්‍රික්ක 22කින් ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් 228 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්
වාර්තා වී ඇති වන අතර ඉන් 99 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්ද, 29 දෙනෙකු කුරුඳුවත්ත ප්‍රදේශයෙන් ද, 26 දෙනෙකු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් ද, 21 දෙනෙකු මරදාන ප්‍රදේශයෙන්ද වී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයින් 108 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින් 49 දෙනෙකු මහර බන්ධනාගාරයෙන්ද 15 දෙනෙකු මීගමුව දලුපොත බන්ධනාගාරයෙන්ද වී තිබෙනවා. එමෙන්ම, කඩවත ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 50 ක් ද වේ.
මීට අමතරව, පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
- කළුතර දිස්ත්‍රික්කය – 68
- මහනුවර දිස්ත්‍රික්කය – 40
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 18
- රත්නපුර දිස්ත්‍රික්කය – 17
- මාතර දිස්ත්‍රික්කය – 17
- ගාල්ල දිස්ත්‍රික්කය – 15
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 15
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 11
- අනුරාධපුරය දිස්ත්‍රික්කය – 09
- කෑගල්ල දිස්ත්‍රික්කය – 07
- මාතලේ දිස්ත්‍රික්කය – 06
- අම්පාර දිස්ත්‍රික්කය – 05
- කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 04
- මඩකලපුව දිස්ත්‍රික්කය – 03
- වව්නියාව දිස්ත්‍රික්කය – 02
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 02
- මුලතිව් දිස්ත්‍රික්කය – 01
- පුත්තලම දිස්ත්‍රික්කය – 01
- යාපනය දිස්ත්‍රික්කය – 01
- මොණරාගල දිස්ත්‍රික්කය – 01
ඒ අනුව, දැනට වාර්තා මෙරටින් වාර්තා වන සක්‍රීය අසාදිතයින් ගණන ඒ අනුව 8573ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ ප්‍රමාණය 29,882ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 184ක් වේ.
