සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණයක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රි ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 184කි.
184 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක පිරිමි පුද්ගලයෙකි. 202 දෙසැම්බර් 21 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ලේ විෂවීම හා පිළිකා රෝගී තත්ත්වයකි.
