Advertise with Giraya
NEWS

ඊයේ වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 38,059ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (22) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 428 දෙනා ද ඇතුළුවයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) දිනයේ දී ආසාදිතයින් 193 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 162ක් ම වාර්තා වී ඇත්තේ කළුතර අටලුගම ප්‍රදේශයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) දිනයේ දී ආසාදිතයින් 101 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී ඇත්තේ බොරැල්ලෙන්.

Giraya News Alerts

ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක සියල්ල පහතින් දැක්වේ.

  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 42 (12 දෙනෙකු මුතුර් පොලිස් ස්ථානයෙන්)
  • රත්නපුර දිස්ත්‍රික්කය – 23
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 15
  • ගාල්ල දිස්ත්‍රික්කය – 11
  • මාතර දිස්ත්‍රික්කය – 11
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 07
  • අම්පාර දිස්ත්‍රික්කය – 05
  • හම්බන්තොට දිස්ත්‍රික්කය- 04
  • මුලතිව් දිස්ත්‍රික්කය – 03
  • ගම්පහ දිස්ත්‍රික්කය – 03
  • කිළිනොච්චි දිස්ත්‍රික්කය- 02
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 02
  • පුත්තලම දිස්ත්‍රික්කය – 02
  • මහනුවර දිස්ත්‍රික්කය – 01
  • යාපනය දිස්ත්‍රික්කය – 01
  • අනුරාධපුරය දිස්ත්‍රික්කය – 01

මීට අමතරව, විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතර වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 38,059ක් වේ. දැනට වාර්තා මෙරටින් වාර්තා වන සක්‍රීය අසාදිතයින් ගණන ඒ අනුව 8576ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ ප්‍රමාණය 29,300ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 183ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top