සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරුද කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ සංඛ්‍යාව 183කි.
182 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය, ලේ විෂ විම සහ උග්‍ර වූ ලියුකේමියාවයි.
183 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක කාන්තාවකි. නිවසේ දී 2020 දෙසැම්බර් 20 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
