Advertise with Giraya
NEWS

ගැබිණි මව්වරුන්ට රැකවරණය දී කුඩා දරුවන් විකුණූ සැකකරුවෙකු අත්අඩංගුවට

නූපන් දරුවන් වෙනුවෙන් ගැබිණි මව්වරුන් සමග ගිවිසුම් අත්සන් කර එම දරුවන් ප්‍රසූත කළ පසුව තුන්වන පාර්ශව වෙත විකිණීමේ ජාවාරමක සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර අදාළ සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළා.

විවිධාකාරයෙන් අසරණභාවයට පත්වූ ගැබිණි මව්වරුන්ට රැකවරණය දෙන බව පවසමින් පවත්වාගෙන ගිය මෙම ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් යොමුවී තිබූ අතර ඒ අනුව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

Giraya News Alerts

දැනට අනාවරණය වී ඇති ලිපිලේඛණ අනුව දරුවන් 30 දෙනෙකු පමණ මෙලෙස තුන්වන පාර්වශ වෙත අලෙවි කර ඇති බවට හදුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කරන ලද වීඩියෝවක් මගින් සැකකරු එම ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් තිබේ.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බව ද සඳහන් කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් සොයා ගත් බව ද පැවසීය.

එයින් 5 දෙනෙකුගේ දරුවන් ඒ වන විටත් තුන්වන පාර්ශවකට ලබා දී අතර, තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්, තවත් ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top