Advertise with Giraya
NEWS

කෑගල්ලේ කොවිඩ් ඔසුවට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් එම ඖෂධයට රජයේ අනුමැතියක් හිමිව තිබේ දැයි අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව තහවුරු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඖෂධය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

Giraya News Alerts

එම නිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු අමාත්‍ය රමේෂ් පතිරණ,

“මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස කටයුතු කරනවා. ඒ යටතේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තියෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ආචාර්යධර්ම කමිටුවකින් මේක අනුමත කිරීමට අවශ්‍යයි. එම ආචාර්යධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර්යධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මෙය විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි බලාපොරොත්තු වුණ විදියට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙය භාවිත කරනවා නම් එයට සාක්ෂි මත පදනම්ව මෙය ඖෂධය භාවිත කිරීමෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එය සිදුකිරීමට තමයි සුදානම් වන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මුලික අනුමැතිය ලබාගැනීම සිදුවෙනවා. එම පරීක්ෂණයෙන් පසුව අපිට නිශ්චිතව එය බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට සමත් ද කියන එක අපිට හෙළි කළ හැකියි. එතකල් අපිට ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවෙනවා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා. එයට විරුද්ධ වීමට අපට හැකියාවක් නෑ. “

කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳව අනුමැතිය ලබාදීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ (21) රැස්විය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරන සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ, දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීමය. ඊයේ දින එම සූත්‍ර කමිටුව රැස්වී තිබුණේ, ධම්මික බණ්ඩාර මීට මාසයකට පමණ පෙර ඖෂධය නිෂ්පාදනයට අනුමැතිය ඉල්ලා තිබු පසුබිමකය.

පසුගිය දිනවල දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාරගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධය ප්‍රමිතියට අනුකූලව සිදුකර ඇති බවට වූ වාර්තාව ද එහිදි ඉදිරිපත් විය.

ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව කරුණු රාශියක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එම ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණය කර තිබේ.

-අද දෙරණ-

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top