කොරෝනා වෛරසය ආසාදනය වී සිටින රෝගීන් අතරින් 21 දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේඥ පාලිත කරුණාපේම පැවසුවේ මෙරට සියලූම සෞඛ්‍ය සේවකයින් උත්සව සමයද නොතකා කොරෝනා වසංගතයට එරෙහිව මේ වන විටත් දැඩි කැපවීමකින් යුතුව ක්‍රියා කරමින් සිටින බවයි.
‘දැඩි සත්කාර ඒකකවල මේ වන විට රෝගීන් 21 දෙනෙක් වාර්තා වෙනවා. පීසීආර් පරීක්ෂණවලට අමතරව ඇන්ටිජන් පරීක්ෂණ නිරන්තරයෙන් සිදු වෙනවා. විශේෂ ස්ථානවල සහ සමාජයේ විවිධ හඳුනාගත් තැන්වල. ඒ වගේම විශේෂයෙන්ම මං කියන්න ඕනෑ මේ සම්බන්ධ සියලුම කාර්යමණ්ඩල, සෞඛ්‍ය කාර්යමණ්ඩල නත්තල් සමය උනත්, උත්සව සමය උනත් ඒ දේවල් අමතක කරලා, තමන්ගේ පෞද්ගලික දේවල් අමතක කරලා අති විශාල කැප කිරීමක් මේ රෝගය මැඩලීම සඳහා අති විශේෂ පරිශ්‍රමයක් අපේ සියලුම සෞඛ්‍ය සේවකයින්.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පටන් සුළු සේවක මහත්වරුන් දක්වා සියළුම දෙනා ඉතා විශාල කැප කිරීමක් කරනවා.
නැවතත් මතක් කරන්න අවශ්‍යයි අපි දන්නවා බස්නාහිර පළාතේ මේ රෝගීන් ඉන්න සංඛ්‍යාව වැඩියි. ඒ නිසා අපි හැමවෙලේම නිරන්තරයෙන් මතක් කරන්නේ බස්නාහිර පලාතෙන් අනෙක් පළාත්වලට යන කණ්ඩායම් හැකිතාක් දුරට අත්‍යාවශ්‍ය නොවන ගමන් වළක්වා ගන්න කියලා’
කොරෝනා වසංගතයේ වත්මන් තත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.
