සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 181කි.
177 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් වන වයස අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 17 වන දින බන්ධනාගාර රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
178 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 19 වන දින කොළඹ ජාතික රෝහලේ දි මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හා උග්‍ර වකුගඩු ආසාදනයයි.
179 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දර්ගා නගරයේ පදිංචි වය අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 18 වන දින නිවදෙී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ලේ විෂවීම හා හෘද රෝගී තත්ත්වයයි.
180 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. 2020 දෙසැම්බර් 19 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලසෙ දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ලේ විෂවීම හා දියවැඩියාව, අධි රුධිර පීඩනය සමඟ හෘද රෝගී තත්ත්වයයි.
181 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
