Advertise with Giraya
NEWS

ඊයේ කොළඹින් ආසාදිතයින් 253ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 37,261ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (20) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් 594 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින් 594 දෙනා අතරින් 253 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වූ ආසාදිතයින් 62 දෙනෙකු වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙන් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, කොරෝනා දෙවැනි රැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය 16,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඔක්තෝම්බර් 04 වැනි දිිි සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ප්‍රමාණය 16,109ක් වේ.

Giraya News Alerts

එමෙන්ම, ඊයේ දිනයේ දි ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩි දෙනෙකු වාර්තා වී ඇත.

  • ගම්පහ දිස්ත්‍රික්කය – 124 (ඉන් 23ක් මහර බන්ධනාගාරයෙන්)
  • මහනුවර දිස්ත්‍රික්කය – 62
  • කළුතර දිස්ත්‍රික්කය – 49
  • රත්නපුර දිස්ත්‍රික්කය – 16
  • හම්බන්තොට දිස්ත්‍රික්කය- 15
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 14
  • මාතර දිස්ත්‍රික්කය – 13
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 12
  • අම්පාර දිස්ත්‍රික්කය – 08
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 07
  • පුත්තලම දිස්ත්‍රික්කය – 07
  • ගාල්ල දිස්ත්‍රික්කය – 06
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 03
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
  • මොණරාගල දිස්ත්‍රික්කය – 01

මීට අමතරව විදේශගතව සිට පැමිණ පුද්ගලයින් දෙදෙනෙකු ද ඊයේ (20) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 8818ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 28,267 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඊයේ (18) දිනයේ දී ද කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් පස් දෙනෙකු ගේ මරණ වාර්තා විය. ඒ අනුව, මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 176ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top