සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 176කි.
172 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පනාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාවයි.
173 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 52ක පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 17 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
174 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වූ ලේ විෂවීම සහ පිළිකා රෝගී තත්ත්වයකි.
175 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට වැලිසර ලය රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඒම රෝහලේ දී 2020 දෙසැම්බර් 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නිසා ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනයයි.
176 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 19 වන දින හොරණ මූලික රෝහලෙ ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ පපුවේ ආසාදනයකි.
