Advertise with Giraya
POLITICS

“ආණ්ඩුවෙන් ඉවත්වීමක් ගැන ශ්‍රීලනිපය කිසිවිටෙක සාකච්ඡා කළේ නෑ”

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිඳු සාකච්ඡාවක් ඇති වී නොමැති බව ‘ගිරය’ වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු සඳහන් කළා.

ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දිගින් දිගටම සිදුවන කෙනෙහිලිකම් හේතුවෙන් ශ්‍රීලනිපය විපක්ෂයට යාම පිළිබඳ සාකච්ඡා වෙමින් තිබෙන බවට ඇතැම් පුවත්පත් සහ වෙබ් අඩවි විසින් පළ කර තිබූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා. ඔහු පැවසුවේ ආණ්ඩුව පිහිටුවීමට පෙර ඇති වූ යම් යම් එකඟතා ඒ ආකාරයෙන්ම ඉටු නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් කිසි සිත් තැවුලකට පත්ව ඇති බව සත්‍ය වුවත් තමන් ද දායක වී ගොඩ නැගූ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට සහය දැක්වීම සඳහා කිසිඳු සාකච්ඡාවක් හෝ ඇති නොවූ බවයි.

එහෙත් දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවයන් ඉටු කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට පක්ෂය තුළ කතිකාවක් ඇති බව එම ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවලදී ද පක්ෂය තවදුරටත් ආණ්ඩුව ශක්තිමත් කළ යුතු බවට සාකච්ඡා කළ බව පැවසූ එම අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව මේ වනවිට වැඩි අවධානයක් යොමුව ඇති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top