Advertise with Giraya
NEWS

තවත් මරණ 06ක්.. සමස්ත කොරෝනා මරණ ගණන 171ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 06ක් තහවුරු කරන ලද අතර ඒ් අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 171කි.

166 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.

167 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වීරගුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙකි. වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී 2020 දෙසැම්බර් 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයකි.

Giraya News Alerts

168 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2020 දෙසැම්බර් 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව‌ ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් නියුමෝනියාවයි.

169 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76 ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2020 දෙසැම්බර් 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියාවයි.

170 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි කාන්තාවකි. 2020 දෙසැම්බර් 18 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් හා කොවිඩ් – 19 නිසා ඇති වූ පපුවේ ආසාදනයකි.

171 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි අවුරදු 83ක කාන්තාවකි. 2020 දෙසැම්බර් 18 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් හා කොවිඩ් – 19 නිසා ඇති වූ පපුවේ ආසාදනයකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top