උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට ලබාගන්නා දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කෙසේවෙතත්, උත්සව සමයේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට හෝ හුදෙකලා කිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් තීරණයක් ගැනීමට තවමත් කල් වේලා ඇති බවත් ඔහු කියාසිටියේ.
නමුත් පවතින තත්වය සලකා ඕනෑම අවස්තාවක සංචරණ සීමා පැනවිය හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කලා.
ජනතාවට මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
